Jayakeheli – Supiri Alevi Kandayam Sathya Wruthantha
මෙය ශී‍්‍ර ලංකාවේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයට එකතු වන්නාවූ වටිනා කෘතියකි. සෑම සමාගමකම ප‍්‍රගතිය සහ අනාගතය පවතින්නේ එම සමාගම ජනතාව අතරට ගෙන යන අලෙවිකරුවන් අතය. සමාගමක කීර්තිනාමය ගොඩනගන්නේ අලෙවිකරුවන්ය. තිස් වසරක් පුරා පවතින අලෙවි කණ්ඩායමක සුන්දර කතාව නිමල් සෙදර සේවය කළ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට පමණක් නොව අලෙවිකරුවන් ඇති සෑම සමාගමකටම ප‍්‍රයෝජනවත් සෑම අලෙවිකරුවෙකුම, අලෙවි කණ්ඩායම් පුහුනුකරුවෙකුම සහ කණ්ඩායම් කළමනාකරුවෙකුම නොවරදවාම කියවිය යුතු සහ තම පොත් එකතුවට එක් කර ගතයුතු කෘතියකි.
කතුවරයා ගැන:
මෙරට බිහිවූ අති දක්ෂ අලෙවිකරුවෙකි නිමල් සේදර. හෙතෙම, වසර 1988 දී රාජ්‍ය ඒකාධිකාරය අවසන් කරමින් පෞද්ගලික අංශයටත් රක්ෂණ වෙළඳපොල විවර වූ කාලයේ බිහිවූ සීටීසී ඊගල් සමාගමේ අලෙවි කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. පසු කාලයෙක ඇමෙරිකාවේ පදිංචියට යනතුරුම ඔහු ඊගල් රක්ෂණ සමාගමේ අලෙවි අංශයේ අති දීප්තිමත් තරුවක් ලෙසින් වසරින් වසර වාර්තා තැබූවෙකි. නවකතා, කෙටිකතා ඇතුළුව නොයෙකුත් වෙනත් විෂයයන් පිළිබඳව ද පොතපත රැසක් ඔහු විසින් රචනා කර ඇත. අලෙවි වෘත්තියට අදාළව ඔහුගේ කෘතීන් සිංහලයෙන් ඒ පිළිබඳව ලියැවුණු පොතපත අතර ඉහලම ගණයේ කෘතීන් බවට විවාදයක් නැත. මන්ද යත් ඒ සියල්ල ස්වකිය වෘත්තීය ජීවිතය තුල මෙරට වෙළඳපොල හරහා ලැබූ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මිස අනෙකෙකුගේ පොතකින් උකහාගත් දේ නොවන බැවිනි.
Reviews
There are no reviews yet.