Pawana – පවන
- මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.)
- එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය.
- ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය.
- මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි.
- තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.
1. Theme -තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana -සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya -අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado -එලයියා එලාඩෝ
7.Rana Derane -රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa -යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath -බමුණා උනත්*
10.Kawadaa Paayanda -කවදා පායන්ද*
11.Nidahas Baila -නිදහස් බයිලා*
12.Dansal Dorehi -දන්සැල් දොරෙහි*
13.Upasakammaa -උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee -සඳ එලිය ගඟක් වී
15.Dasamask -දසමසක්*
16.Viridu (Budun Daham) -විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee -දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam -වහින්නට හැකිනම්
19.Mongoliyanuwani -මොන්ගොලියනුවනි*
Reviews
There are no reviews yet.