Ma Sawanatha Oba Neth Yuga
- If You Could See What I Hear ටොම් සලිවන්ගේ ජයග්‍රාහී කතාවේ සිංහළ පරිවර්තනය මෙයයි.
- ඔහු මෙලොව එළිය දුටු මොහොතේම (Retrolental fibroplasia හේතුවෙන්) අන්ධ වූ බැවින් ඔබ අප අත්විඳින පෙනීම නොමැතිව ජීවිතයට හැඩගැසීමට සිදුවිය.
- සහජ දැක්මක් සහිත පුද්ගලයෙකු ලෙස ස්වකීය අත්දැකීම්, දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අයුරු, සංගීත දිවිය, ජීවන අරගලය යන සියල්ල ඔහුගේ ලේඛන හැකියාවෙන් ඉස්මතු වෙයි.
- තමන් මුහුණ දුන් සියලු පීඩාවන් සහ අභියෝග අබිබවා ජීවිතය ජයගත් ආකාරය නෙත් ඇති ඔබට අපට ද මනා ආදර්ශයකි.
- පෙනීම අහිමි වුවද එය ඔහුට එය කිසිවිටෙකත් බාධාවක් නොවිණි.
- ඔහු සහජයෙන්ම ඉහළ බුද්ධි ඵල (I Q) මට්ටමක්, බහුවිධ දක්ෂතා සහ අතිප්‍රහත ධෛර්යයකින් යුතු අයෙකි.
- අන්ධ පුද්ගලයෙක් sky diving සැසියක් වැනි දෙයක් කරයි කියා විශ්වාස කල හැකිද?
- පෙනීම ඇති මිනිසුන් සමඟ මල්ලව පොරබැද ඔවුන්ව පරාජය කිරීම වැනි දේ සුවිශේෂී (exceptional) යන යෙදුම ඉක්මවා යන හැකියාවන් නොවේද?
- දෑස් අඳ ඔහු ජීවිතය දකින ආකාරය සැබවින්ම ඇදහිය නොහැකි දෙයකි. ඔහු ඔහුගේ සැබෑ ආදරය සොයා ගත්තේය. ඔහුගේ ජීවිතයේ අරුත සොයා ගත්තේය.
- දෑස් ඇති අපට ඔහුගෙන් උගතහැකි දෑ බොහෝය. එබැවින් නොපමාව ඔහුගේ කතාව කියවන්න.
- ඔහුගේ කතාව තුල ඇති සත්‍යය වටහාගත හොත් දෑසම පෙනෙන අපට ඔහුටත් වැඩි දුරක් යා හැකි බව සහතිකය.
Reviews
There are no reviews yet.